Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නිරාවිය සත්ත්ව ගොවිපොළේ නි.සාමාන්‍යාධිකාරි ඇතුළු 5කට උසාවි යන්න නියෝග

dinamina.lk – ආනන්ද කරුණාදාස / අනුරාධපුර

හොඳ හාල්වලින් සත්ත්ව ආහාර සෑදීම

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා ගනිමින් සත්ත්ව ආහාර සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම නිරාවිය රජයේ සත්ත්ව ගොවිපොළේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ඇතුළු පස් දෙනකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තඹුත්තේගම නිරාවිය පිහිටි රජයේ සත්ත්ව ගොවිපලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට කළමනාකාරිණියට ගබඩා පාලකවරයාට භාණ්ඩ මිලදී ගැනීමේ නිලධාරියාට සහ සත්ත්ව ආහාර සැකසීම සඳහා මහජන පරිභෝජනයට සුදුසු සහල් සැපයූ සැපයුම්කරුට මේ මස 16 වන දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙසේ නියම කර තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට අවැසි නීතිමය කටයුතු සියල්ල මේ වන විට සිදු කර අවසන් බව අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී බී ඒ සී. පී. පෙරේරා මහතා පවසයි.

නිරාවිය රජයේ සත්ත්ව ගොවි පල වටලා මහජන පරිභෝජනයට සුදුසු සහල් යොදා ගෙන සකස් කළ සත්ත්ව ආහාර විශාල තොගයක් සහ සත්ත්ව කෑම සැකසීම සඳහා ගබඩා කර තිබූ මහජන පරිභෝජනයට සුදුසු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ සහල් කිලෝ දස දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් 9 වැනිදාය.

තඹුත්තේගම නිරාවිය රජයේ සත්ත්ව ගොවිපළ වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී. ඒ. සී. පී. පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් විසින් සිය බාරයට ගත් මහජන පරිභෝජනයට සුදුසු සහල් යොදා ගෙන සැකසූ සත්ත්ව ආහාර තොගයට සහ සත්ත්ව ආහාර සැකසීම සඳහා ගබඩා කර තිබූ මහජන පරිභෝජනයට සුදුසු සහල් කිලෝ දස දහසකට අධික ප්‍රමාණයට මේ වන විට මුද්‍රා තබා තිබේ.

අනුරාධපුර ආනන්ද කරුණාදාස

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්

Read Next

LOLC’s Group’s Browns Investments eyes coal supply deal to Norochcholai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!