Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැව මාර්තු අප්‍රේල්වලත් කොළඹ වරායට ඇවිත්… අවුරුදු 34 කට පසු ප්‍රථම වරට 24 දා සිට 26 දා තෙක් වරායේ වැඩ නතර වෙලා

සමන් ගමගේ – divaina.com

ගිනිගත් එස්ප‍්‍රස් පර්ල් නැව පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාසයන්හිදී ද කොළඹ වරායට පැමිණ ඇති බවත් මෙය ප‍්‍රති අපනයන භාණ්ඩ ප‍්‍රවාහනය කරන්නක් බවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පැවසීය.

ඩුබායි, කටාර් සහ ඉන්දියාව යන රටවල වරායන් තුනකට ගොස් බහාලූම් රැුගෙන එමින් තිබූ මෙම නැව කොළඹ වරායට පැමිණීමට තිබුණේ මැයි 18 වැනිදා බවත් පැවැති කාලගුණ තත්ත්වය නිසා එය පැමිණීමේ ප‍්‍රමාදයක් සිදුවූ බවත් ද හාබර් මාස්ටර්වරයා සඳහන් කළේය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ හාබර් මාස්ටර්වරයා වැඩිදුරටත් මෙසේද කීවේය. 19 වැනිදා රාත‍්‍රියේ කොළඹ වරාය ආසන්නයට පැමිණි නැව නැංගූරම් දමා සිටියා. 20 වැනිදා උදේ නැවේ රසායනික ද්‍රව්‍ය සහිත බහාලූමක කාන්දුවක් ඇති බව අපට දැනුම් දුන්නා. එය පරීක්‍ෂා කිරීමට කණ්ඩායමක් යෑමට සූදානම් වනවිට එම කාන්දුව නතරවූ බව පැවසුවා.

නැවත දහවල් දැනුම් දුන්නා කාන්දුව නැවතත් වන බවට. එවිට අපේ කණ්ඩායමක් ගොස් එය සකස් කළා.

20 වැනිදා රාත‍්‍රි 11.00ට නැවේ පාලක මැදිරිය අපට දැනුම් දුන්නා ගින්නක් ඇති බවට. ඒ මොහොතේ සිට අප ගින්න නිවන්න උත්සාහ ගත්තා. 23 වැනිදා වනවිට ගින්න ටිකක් පාලනය වුවත් 24 වැනිදා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම කටයුතු අඛණ්ඩව සිදුකළ නොහැකි වුණා. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා වසර 34කට පසු වරායේ වැඩ නතරවූ පළමු අවස්ථාව ලෙස පසුගිය 24 වැනිදා සිට 26 වැනිදා දක්වා වාර්තා වුණා. පැවැති අධික සුළං තත්ත්වය නිසා ග‍්‍රෑන්ට් දොඹකර පවා නතර වූවා.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදු රළ අඩි 04ක් පමණ උසට ඇතිවූවා. එනිසා සහන යාත‍්‍රාවලට නැව අසලට යන්න බැරි වුණා. නැවේ කාර්යමණ්ඩලය බේරාගත්තේත් අසීරුවෙන්.

24 වැනිදා සවස් වනවිට නැවේ එන්ජින් කාමරයට පවා ගින්න පැතිර තිබුණා. ඒ අනුව විශේෂඥයන් දැනට විශ්වාස කරන්නේ නැවේ තිබූ ඉන්ධන දැවී යන්නට ඇතැයි කියලා. මේ වනවිට අප නැවේ කළුපෙට්ටිය සෙවීමට උත්සාහ කරනවා.

සමන් ගමගේ

තොරතුරු මූලාශ්‍රය

https://divaina.com/daily/index.php/puwath-2/59404-2021-06-03-13-04-63

Chandana Sesath Jayakody

Read Previous

President steps up efforts to locally manufacture fertilizers

Read Next

Govt. denies wrongdoing over MV X-Press Pearl, plans removal of wreck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!