Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැව පිපුරුවොත් මුහුද බේරගන්න ප්ලාස්ටික් බූට්ස්

කුසුම්සිරි විජයවර්ධන – දේශය

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පුපුරා ගිලී ගියහොත් එය වටකර මුහුදේ (ප්ලාස්ටික් බූට්ස්) නම් උපකරණ දමා තෙල් සහ රසායන ද්‍රව්‍ය පිටතට ගලායාම වැළැක්වීමට කටයුතු කළ යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර දේශයට පැවසුවේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් අප රටේ සාගර පරිසරයට සහ වායුගෝලයට සිදුවන දූෂණ හානි ප්‍රතිපූරණය කිරිමේ කටයුතු මාස ගණනක් ගතවන ක්‍රියාවලියක් බවද ඔහු පැවසීය. මේ වනවිට එම හානියට අදාළ දත්ත වාර්තා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය යන ආයතනවල නියෝජිතයන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක් මගින් ලබාගනිමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මගින් විශාල පරිසර හානියක් සිදුවන බවත්, ඒ නිසා අප රටට සිදුවන අලාභය වෙනුවෙන් වන්දි ලබාගැනීමේ කටයුතු පිළිබඳව නෞකාව අයත් රක්ෂණ සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බවස පැවසීය.

නයිට්‍රික් ඇසිඩ්, කොස්ටික් සෝඩා, වැනි රසායනික සහිත මෙම නෞකාවේ කන්ටේනර්වල තිබෙන සියලුම රසායනික ගැන නිශ්චිත දත්ත සැපයීම අසීරු වී ඇති බවත් ඔහු කියා සිටියේය.

තොරතුරු මූලාශ්‍රය

https://www.deshaya.lk/article/40/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/18380/%E0%B6%B1%E0%B7%90%E0%B7%80-%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%96%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A

Chandana Sesath Jayakody

Read Previous

හූනන් විශේෂ දෙකකට මෙරටින් නම්

Read Next

නෞකාවේ ගින්නෙන් සිදුව ඇති හානිය කළමණාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් යෝජනා මාලාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!