Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැව ගිනි ගැනීමෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට පන්දහසේ දීමනාව හෙට සිට

ධනුෂ්ක ගොඩකුඹුර – dinamina.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වීමෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව හෙට (14) සිට පිරිනැමීමට රජය තීරණය කර තිබේ. ධීවර පවුල් 9,883ක් සඳහා පන්දහසේ දීමනාව ගෙවීමට රුපියල් 49,415,000ක මුදලක් රජය ඒ අනුව වෙන් කර තිබේ.

මෙම සිද්ධිය නිසා සෘජුවම ධීවර පවුල් 7,753ක ආදායම් අහිමි වී ඇති අතර කරවල වේළීම, දැල් බේරීම හා දැල් සැකසීම වැනි වෘත්තීන්වල යෙදුණු පවුල් 2130ක ආදායම් අහිමි වී ඇති බව හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 8,033ක්ද, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 1,565ක්ද, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ධීවර පවුල් 247ක්ද, ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 78ක් ද මේ අතර වෙයි.

නෞකාවේ සිද්ධිය නිසා ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාව සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ධනුෂ්ක ගොඩකුඹුර

තොරතුරු මූලාශ්‍රය

http://www.dinamina.lk/2021/06/14/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/124228/%E0%B6%B1%E0%B7%90%E0%B7%80-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B7%80%E0%B7%96-%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%A7

Chandana Sesath Jayakody

Read Previous

මිලිලීටර් 750 හිස් බෝතලයට මුදල් තැන්පතුවක්

Read Next

මොරගහකන්දේ දී වලක වැටුණු අලියෙකු වනජීවියෙන් මුදා ගනියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!