Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැව් ගින්නේ වන්දි ගැනීම අඩමානයි…

lankatruth.com

පසුගියදා රසායනික ද්‍රව්‍ය ගිණිගැනීමෙන් මේ වනවිට මුහුදුබත් වෙමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීම පිළිබඳව බරපතල සැක සංකා මතුවී තිබේ.

මෙයට පෙර නැගෙනහිර මුහුදු තීරයේදී ගිණිගත් නිව් ඩයමන්ඩ් නැව නිසා මෙරට මුහුදු තීරය අතුළු පරිසර පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් මේ දක්වාම වන්දි ලබාගෙන නැති පසුබිමක් තුළ මෙම බරපතල සැකය මතුවී ඇත.

නිවු ඩයමන්ඩ් නැවෙන් සිදුවූ හානියට වඩා අති විශාල පාරිසරික හානියක් මෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ආදායම් මාර්ග බිඳවැටීමෙන් මෙරටට විශාල ආර්ථික හානියක් සිදුවී තිබේ. එවැනි තත්වයක් තුළ මෙම නැව් සමාගමෙන් වන්දි ගැනීම පිළිබඳව මතුවී ඇති බරපතල සැකය ඊයේ (03) රාත්‍රියේ සිරස රූපවාහිනියෙන් විකාශය කෙරුණු මාවත සංවාදයේදී කරුණු මතු කෙරිණ.

එම වැඩසටහනට එක් වූ විද්වතුන් අතරින් සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කර සිටියේ නිවු ඩයමනඩ් නෞකාවේ සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙරටට ලැබී ඇත්තේ රුපියල් මිලියන 454ක් පමණක් බවය. එම මුදල ලැබී ඇත්තේ ගින්න නිවීම සඳහා ලංකාව දරන ලද වියදම් ආවරණය කරගැනීම සඳහා පමණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Damage caused by X-Press Pearl would last century – experts

Read Next

Ship owners agree to make interim payment for damages

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!