Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීම තවදුරටත්

defence.lk

සමුද්‍ර ශාක පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් තලෙයිමන්නාරම සහ නාච්චිකුඩා ප්‍රදේශවල ඊයේ (ජූලි 26) දින සිදු කරන ලදි.

කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා නිරතුරුව දායක වන නාවික හමුදාව විසින් ජාත්‍යන්තර කඩොලාන දිනයට සමගාමීව මෙම කඩොලාන රෝපණ වැඩසටහන උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීමට මෙන්ම වෙරළ සංරක්ෂණය සඳහා කඩොලාන පද්ධතීන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එය කලාපීය ප්‍රජාවට මෙන්ම සමස්තයක් වශයෙන් රටට ප්‍රතිලාභ ලබා දෙයි.

කොවිඩ් – 19 වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සීමිත නාවික හමුදා පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව නාවික හමුදාව පවසයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Eco Spindles leads the way in plastic recycling by spinning 90 million PET bottles to yarn every year

Read Next

SLN continues Mangrove planting

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!