Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නාගරික සංවර්ධන අධිකාරිය විදේශ ආයෝජන ගිවිසුම් දෙකකට – රජයේ ඉඩම් රැසකුත් විදේශ ආයෝජකයන්ට බදු දෙයි

divaina.lk

විදේශික ආයෝජකයන් දෙපිරිසක් සමග ආයෝජන  ගිවිසුම් දෙකක් තීන්දු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

 මෙම ගිවිසුම්වලින් රජයට ඩොලර් බිලියනයක ආදායමක් ලැබේ. මීට අමතරව තවත් රජයේ ඉඩම් ගණනාවක් විදේශික ආයෝජකයන්ට බදු දීමටද කටයුතු කරගෙන යයි.

 නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ගවලට අනුව ඉන්දියාවේ තිබෙන ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් දෙමටගොඩ පිහිටි අක්කර පහක ඉඩමක් ඩොලර් මිලියන 200 කට බදු ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. මෙම භූමියෙහි පෞද්ගලික රෝහලක් ඉදිකිරීමට නියමිතය.

 මේ අතර දැනට කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමිට් තට්ටු නිවාස භූමිය ද චීන ඩුබායි හවුල් සමාගමකට ඩොලර් මිලියන හත්සිය පනස් පහකට බදු දෙනවා ඇත. අක්කර දහයකින් සමන්විත මේ භූමිය තුළ සුඛෝපභෝගී තට්ටු නිවාස 3000 ක් ඉදිකිරීමට නියමිතය. මේ පිළිබඳ මූලික ගිවිසුම් තහවුරු කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබේ.

 මීට අමතරව කොළඹ කොටුවේ පිහිටි චාමස් ධාන්‍යාගාර භූමියත් (අක්කර 1.5), කොළඹ පිහිටි තවත් අක්කර දහයකුත්, ජා ඇල කටුනායක සහ ගාල්ලේ පිහිටි තවත් අක්කර 50 කුත් විදේශයට බදු දීමට නියමිතය. සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම් බදු දී ඇත්තේ ඒවායේ විකුණුම් වටිනාකම මෙන් පස් ගුණයකටය. මේ සියල්ලටම අමතරව නානුඔය සිට නුවරඑළිය දක්වා 4.5 ක් දිග කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීමටද ස්විට්සර්ලන්තය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබේ. ඩොලර් මිලියන 55 ක් වටිනා මෙම ව්‍යාපෘතිය මාස 18 කදී ඉදිකොට නිමා කරනු ඇත.

තොරුතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්

Read Next

ඇමෙරිකාවේ හමා ගිය කුණාටුවකින් 80කට වැඩි පිරිසක් මරුට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!