Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දේශපාලන බලපෑම්වලට යටවෙන්නේ නැහැ – ඉඩම් කොමසාරිස් ගෙදර යයි

lankatruth.com

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ආරව්ලක් සාධාරණ ලෙස විසඳීම සම්බන්ධයෙන් උරණ වූ එම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම්වලට යටත් නොවී ක්‍රියා කිරීම නිසා ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටින අතර තමන් දේශපාලන බලපෑම්වලට යටත් නොවී විශ්‍රාමගැනීම තෝරාගන්නා බව ඉඩම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙසේ ඉවතවීමට සූදානම් බව දක්වා ඇත්තේ ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේය. එම තනතුරට පත්වී මාස 15ක් තුළ ජනතාව වෙනුවෙන් සාධාරණව සේවය කළ බවත් මේ නිසා තමාගේ තනතුර අහිමි කිරීමට හම්බන්තොට ප්‍රබල දේශපාලනඥයකුට අවශ්‍ය වී ඇති බවත් ප්‍රකාශ කර තිබේ. ජනතාවට සාධාරණ ලෙස රාජකාරි ඉටුකිරීම නිසා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාල දේශපාලනඥයා පසුගිය 08 වෙනිදා ක්‍රියාකර ඇතත් මේ වනවිට ඊට අදාල නිල ලිපිය නොලැබුණු බව ඔහු සඳන් කර ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බව දේශපාලන පොරොන්දුවක් දුන් නමුත් අවංකව සහ රාජ්‍ය නීතිරීතිවලට එකඟව කටයුතු කළ නිලධාරීන් විශාල පිරිසක් මේ වනවිට ඉල්ලා අස් වී සිටිති.

මුලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Police will get expert report from Moratuwa University and finalise investigation into tusker death

Read Next

Navy takes hold of 03 Indian poaching trawlers in Sri Lankan waters

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!