Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දෙවැනි බූස්ටර් එන්නතට ජර්මනියේ අනුමැතිය

dinamina.lk

ජර්මනියේ එන්නත් කොමිසම කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් සිව් වැනි මාත්‍රාව හෙවත්, දෙවැනි බූස්ටර් එන්නත එරට පුරවැසියන් සඳහා අනුමත කර තිබේ.

එය ලබා දෙන්නේ, වයස අවුරුදු 70ට වැඩි විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති පුද්ගලයින් සඳහායි.

ජර්මනියේ එන්නත් කොමිසම සඳහන් කරන්නේ පළමුවැනි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 6කට පසු දෙවැනි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සුදුසු බවයි.
මීට පෙර ඊශ්‍රායලය ද වයස්ගත පුරවැසියන්ට සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සිව්වැනි මාත්‍රාව දී තිබේ.

එය ලබා ගත් පුද්ගලයන් ආශ්‍රිතව සිදු කෙරුණු පර්යේෂණවලින් විවිධ සංකූලතා ඇති පුද්ගලයින්ට සුවිශේෂී ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු වී තිබේ. එහෙත් ඊශ්‍රායලය සිදුකළ තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ සිව්වනි මාත්‍රාව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව අඩු ඵලදායිතාවක් ඇති බවයි.

මොඩර්නා සහ ජර්මානු බයෝ ටෙක් ආයතන සඳහන් කර ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා වඩාත් ඵලදායී නව එන්නතක් ඉදිරි මාස කිහිපයේදී නිපදවන බවයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

රයාන් යන්නම ගිහින්..!

Read Next

බ්‍රෝකර් ගාස්තුව!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!