
CA WR 135 / 2009
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2009 මාර්තු 02 වන දින මධ්‍යම පරිසර අධිකාරියට, පොලිස්පතිට සහ නීතිපතිට එරෙහිව මෙම මැන්ඩාමුස් රිට් නඩුව ගොනු කරනු ලැබුවේ දැන්වීම් පුවරු සහ ප්‍රචාරක පුවරු අනවසරයෙන් ස්ථාපිත කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් හෝ නියමිත රෙගුලාසි සකස් කරන ලෙස ඉල්ලමිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 10(එ) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 32 (2) (ච) උපවගන්තිය ප්‍රකාරව ගෙන එන ලද අංක 2148/19 සහ 2019 නොවැම්බර් 05 දින දරණ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.
ඒ අනුව අදාළ බළධාරීන්ගේ අවසරයකින් තොරව ස්වාභාවික පරිසරය පිළිබඳ දර්ශනය, භූ දර්ශනය, දෘෂ්ටි ප්‍රසන්නතාවය සහ තැනැත්තන්ගේ ආරක්ෂාව අවහිර වන පරිද්දෙන් දැන්වීම් පුවරු, ප්‍රචාරක පුවරු සවි කළ නොහැකි අතර ඒ සඳහා ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් ගාස්තු ගෙවූ බලපත්‍රයක් ලබා ගත යුතු වේ. ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය ගත් වෑයමක තවත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම නඩු තීන්දුව හඳුනාගත හැකිය.