Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දූවිල්ල තව සතියක්

aruna.lk

මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු කීවේය. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය (US AQI) 166 ක් දක්වා ඊයේ (13 වැනිදා) පෙරවරුවේදී ඉහළ ගොස් තිබුණි.

එම අගය රතු වර්ණයෙන් දැක්වෙන අතර, එය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයකි. පෙරේදා (12 වැනිදා) දිනයේදී මෙම අගය දැක්වුණේ 126 ක් ලෙසය.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව දර්ශකය අනුව දූවිලි අංශු ඇතුළු අහිතකර වායු තත්ත්ව පරාමිතීන් මහනුවර නගරයේ 137 ක් දක්වාද, කෑගල්ල නගරයේ 134 ක් දක්වාද, කුරුණෑගල 134 ක් දක්වාද, බදුල්ල 114 ක් දක්වාද, පුත්තලම 109 ක් දක්වාද ඉහළ ගොස් තිබේ.

සංවේදී සහ ස්වසන අපහසුතා තිබෙන පුද්ගලයන්ට යම් යම් අපහසුතා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළයුතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

උතුරු-නැගෙනහිර සතුන් මියගිය හේතුව හෙළිවෙයි

Read Next

පවතින වැසි වැඩිවීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!