Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දියවන්නාවේ පාවෙන සුර්ය විදුලි බලාගාරයක් ඉදිවෙන්නෙ මෙහෙමයි

ශාෂිංක විදුසර

දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ණය ආධාර සපයනු ලබන්නේ ඉන්දීය රජයයි. දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබදව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර සිටින්නේ.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණූ ශාක්සාත් කරගනිමින්, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම උදෙසා මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය (Floating Solar System) ආරම්භ කිරීම කඩිනම් කළයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

AG to submit a report on death of seven elephants in Habarana

Read Next

Solar power plant from India to Diyawanna Lake: Power Minister

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!