Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තුර්කි භූ කම්පනයේ ගොඩනැඟිලි විනාශයට කොන්ත්‍රාත්කරුවෝ 184ක් අල්ලති

dinamina.lk

තවත් 600කගෙන් ප්‍රශ්න කරලා

තුර්කියේ සිදු වූ දරුණුතම භූ කම්පනයෙන් ගොඩනැගිලි 16,000ක් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් විනාශ වීමට හේතුව එම ගොඩනැගිලි ඉදිකිරීමේ දුර්වලතා බව කියමින් එහි ඉදිකිරීම් බාරව සිටි කොන්ත්‍රාත්කරුවන් සහ ගොඩනැගිලි හිමිකරුවන් ඇතුළු පුද්ගලයන් 184 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව තවත් පුද්ගලයන් 600කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.

ගොඩනැගිලි සුන්බුන් අතර සිරවීමෙන් තුර්කියේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 40,000කට වැඩි වන බවත්, ගොඩනැගිලි ඉදිකිරීමේදී භු චලන ස්ථාන සහ එම ඉදිකිරීම් භූචලනවලට ඔරොත්තු නොදෙන අයුරින් ඉදිකිරීම හේතුවෙන් මරණ ගණන විශාල ලෙස ඉහළ ගිය බවත් තුර්කි රජය ප්‍රකාශ කර තිබේ.

භූ කම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පෙරේදා වන විට පනස්දහස ඉක්මවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඇත්දළ දෙකකට දෙපාර්ශ්වයක් හිමිකම් කියයි

Read Next

ඩෙංගු ඩබල් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!