Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තුර්කි භූ කම්පනයෙන් මෙතරම් ජීවිත ගණනක් අහිමි වුණු හේතුව

Mawbima- Tharaka Samman

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සඳුදා (පෙබ. 6) වන දා ඇති වූ භූමිකම්පාවලින් මේ වන විට 21,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුව ද නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැතිව දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට තවමත් ජීවිත අහිමි වීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත.

මේ අතර, තුර්කියේ ගොඩනැගිලිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කළේ, ගොඩනැගිලි සම්බන්ධයෙන් වූ රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සඳුදා සිදු වූ භූ කම්පාවලින් ගොඩනැගිලි රැසක් කඩා වැටීමට තුඩු දී ඇති බව ය.

පෙර සිදු වූ ව්‍යසනයන්ගෙන් පසුව මෑතකදී එනම්, 2018 වසරේදී ඉදිකිරීම් රෙගුලාසි දැඩි කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 17,000කට මරු කැඳවූ තුර්කියේ වයඹ දෙසින් පිහිටි ඉස්මිත් නගරය ආශ්‍රිතව 1999 වසරේ සිදු වූ භූමිකම්පාවෙන් පසුව දැඩි ආරක්ෂක ප්‍රමිතීන් ද ගෙන එන ලද බව ය.

කෙසේ වෙතත්, වරින් වර හිමිවුණු “ඉදිකිරීම් රෙගුලාසිවලින් බැහැරව” එනම්, ගාස්තු අය කිරීමකින් අනතුරුව නිකුත් කරනු ලබන ආරක්ෂක සහතික නොමැතිව ගොඩනැගිලි ඉදිකිරීමට ලැබුණු නීතියම නිදහස මෑත කාලීන ව්‍යසනයට හේතු වී ඇති බව විශේෂඥයින් පෙන්වා දී ඇත.

භූමිකම්පාව හේතුවෙන් බලපෑමට ලක් වූ දකුණු තුර්කියේ ගොඩනැගිලි 75,000කට පමණ එම සහනය ලැබී ඇතැයි තුර්කි ඉන්ජිනේරුවන්ගේ මණ්ඩල සංගමයේ ඉස්තාන්බුල් ප්‍රධානියා සහ නාගරික සැලසුම්කරුවන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මණ්ඩලයේ ප්‍රධානී පෙලින් පිනාර් ගිරිට්ලියෝලූ ප්‍රකාශ කර තිබේ.

New Source

Chamodi Peiris

Read Previous

ලංකාවේ සියයට 35කට හරියට කන්න නෑ

Read Next

Making cash from trash

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!