Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තීන්තවල අඩංගු ඊයම් (Lead in paint) සම්බන්ධ නඩුකරය

SC FR 64 / 2011

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2009 වසරේ දී තීන්ත පිළිබඳව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව දරුවන්ගේ සෞඛ්‍යය රැකගැනීම උදෙසා තීන්තවල අඩංගු ඊයම් සඳහා සම්මත ප්‍රමාණයන්ගේ ප්‍රමිතියක් සකස් කරන ලෙස ඉල්ලා 2011 පෙබරවාරි 14 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩුකරයකි.

තීන්ත වර්ගවලට එකතු කරන ඊයම් මගින් ඇතිවිය හැකි භයානක සෞඛ්‍ය පරිහානීන් සලකා බලමින් සහ තීන්ත නිෂ්පාදනය කොට බෙදා හරින්නන් විසින්අ න්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙම පෙත්සමින් හුවා දක්වා ඇත.

මෙහි වගඋත්තරකාර පාර්ශවයන් ලෙස සමුපකාර අභ්‍යන්තර හා වෙළෙඳ කටයුතු අමාත්‍යංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය,
සෞඛ්‍ය අමාත්‍යංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපති නම්කොට ඇත.

මෙම නඩුවේ ප්‍රතිඵලයක් ලෙස තීන්තවල අඩංගු ඊයම් ප්‍රමාණය පාලනය කිරීම සඳහා අංක 1725/30 සහ 2011 සැප්තැම්බර් 30 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය පනවන ලද අතර, එකී නීතිමය තත්ත්වය වර්ෂ 2013 ක්වු ජනවාරි මස 01 වන දින සිට ශ්‍රී ලංකාව තුළ බලාත්මක විය. ඒ අනුව දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ සඳහා භාවිතා කරන තීන්ත වර්ගවල සහ බාහිර අලංකරණය සඳහා භාවිතා කරන ඉමල්ෂන් තීන්ත සඳහා සහ අභ්‍යන්තර අලංකරණය සඳහා භාවිතා කරන ඉමල්ෂන්තී න්ත සඳහා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 90ක උපරිම ඊයම්ප්‍රතිශතයක් ද, ඉනැමල් තීන්ත සහ ගෙබිම අලංකරණය සඳහාභාවිතා කරන තීන්ත ආලේපන සඳහා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 600ක උපරිම ඊයම් ප්‍රතිශතයක් ද, මෙම ගැසට්නි වේදනය මගින් හඳුන්වා දෙන ලදී.

Chandana Sesath Jayakody

Read Previous

New Way of Analyzing Tree Rings Confirms Unprecedented Central Asia Warming

Read Next

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!