Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තායිලන්ත සාගර වනෝද්‍යාන තුල “සන් ස්ක්‍රීන්” තහනමක්

bbc.com වෙබ් අඩවිය ඇසුරිනි.

තායිලන්තයේ ඇති සියළුම සාගර ජාතික වනෝද්‍යාන තුල කොරල් වලට හානි කරන රසායනික ද්‍රව්‍ය අඩංගු “සන් ස්ක්‍රීන්” ආලේප තහනම් කර තිබේ.

හිරු කිරණින් ආරක්ෂාව සඳහා සංචාරකයින් විසින් භාවිතා කරනු ලබන මෙම “සන් ස්ක්‍රීන්” ආලේපන, සෙමෙන් වැඩෙන කොරල්පර වලට හානි කරන බවට ඇති ජනතා විශ්වාසය කෙමෙන් තහවුරුවෙමින් පවතී.

තායිලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ හිරු කිරණ වල බහුලව දක්නට ලැබෙන ද්‍රව්‍ය හතරක් මඟින් කොරල් විනාශ කරන බවත් කොරල්වල පැතිරීමට බාධා කරන බවත් එම “සන් ස්ක්‍රීන්” ආලේපන හේතුවෙන් ගල්පර විරංජනය වන බවත් පෙන්වා දී ඇත.

මෙම තහනම නොසලකා හරින ඕනෑම කෙනෙකුට බාට් 100,000 (£ 2,100) දක්වා දඩ නියම කළ හැකිය. (දල වශයෙන් රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලකි)

කෙසේ වෙතත්, නව නීතිය බලාත්මක කිරීමට සැලසුම් කරන්නේ කෙසේදැයි පිළිබඳව තවමත් සැලසුම් සකස්වී නොමැත.

තහනම් දියර වන්නේ ඔක්සිබෙන්සෝන්, ඔක්ටිනොක්සෙට්, 4-මෙතිල්බෙන්සයිලයිඩන් කපුරු හෝ බියුටයිල්පරබන් ය.

පැසිෆික් සාගරයේ පිහිටි “පලවු දූපත” සහ එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තය විසින් ද එවැනිම තහනමක් පනවා ඇත.

සංචාරක කර්මාන්තයෙන් සිය කොරල්පරය ආරක්ෂා කර ගැනීමට තායිලන්ත රජය ගත් නවතම උත්සාහය මෙයයි.

ද බීච් චිත්‍රපටයේ පෙනුමෙන් ප්‍රසිද්ධියට පත් වූ ෆයි පි ලේ දූපතේ පිහිටි මායා බොක්ක එහි කොරල් බොහෝමයක් විනාශ වීමෙන් පසු 2018 සිට වසා දමා ඇත.

බීබීසී වෙබ් අඩවියේ පලවූ පුවතක් ඇසුරින් – චන්දන සේසත් ජයකොඩි

Chandana Sesath Jayakody

Read Previous

Thailand bans coral-damaging sunscreens in marine parks

Read Next

Thousands evacuate fast-moving California wildfire; homes burn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!