Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ත්‍රිකුණාමලයේ අවශේෂ කැලෑ අක්කර 3100 ක් ගොවිතැනට

divaina.lk

තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අවශේෂ කැලෑ අක්කර 3100 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවිතැන් කටයුතු සඳහා නිදහස් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පියවර ගෙන ඇත.

නිදහස් කරන ලද එම ඉඩම් හැකි ඉක්මනින් ගොවි ජනවතාවට වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ලබාදෙන ලෙස ද නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය උපදෙස් ලබා දී තිබේ.

ඉදිරියේදී පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා හැකි තරම් ජනතාව කෘෂිකාර්මික කටයුතු සඳහා නැඹුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරිය පළාත් කෘෂි බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

පසුගියදා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඉහත උපදෙස් ලබා දුන්නාය.

සුජීව තත්සර

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මුතුරාජවෙල ඉඩමක් විදුලිබල මණ්ඩලයට පවරා දෙයි

Read Next

පශු සම්පත් මණ්ඩලේ පොල් ගෙඩි ලක්ෂ 17ක් ගබඩාවල පැළවෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!