
නිහාල් පී. අබේසිංහ – silumina.lk
ලබන අගෝස්තු මස 1 වැනිදා සිට වෙළෙඳ පොළට යොමු කළ හැක්කේ මධ්‍යම පරිසර අධිකාරිය අනුමත කළ ඉක්මනින් දිරා යන ජෛව හායනික ලන්ච් සීට් පමණක් බවත් අනෙක් ලන්ච් සීට් නිෂ්පාදනය සපුරා තහනම් බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. එම නීති විරෝධී ලන්ච් සීට් නිපදවන අයට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට හැකි බව ද ඇමැතිවරයා කියයි.
ඒ අනුව අගෝස්තු 1 සිට මෙරට ඇතුළත ජෛව හායනික ලන්ච් සීට් හැර අන් ඒවා නිපදවීම තහනම් බවත් සැප්තැම්බර් 1 සිට එම ලන්ච් සීට් විකිණීම ද තහනම් බවත් ඇමැතිවරයා කීය. දිරායන අලුත් ලන්ච් සීට්වල කෙළවර හඳුනා ගැනීමේ සලකුණක් ඇතිව නිපදවන බවත් ඇමැතිවරයා කියයි.
නීති විරෝධී ලන්ච් සීට් නිපදවීම හා විකිණීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය පොලිසියේ සහාය ඇතිව වැටලීම් කරන බව ද ඇමැතිවරයා කියයි.