
dinamina.lk
පසුගිය 16 වනදා කොළඹ වරායෙන් පිටත්ව ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වෙයි
චෙන්නායි වෙරළට නාවික සැතපුම් 250ක් පමණ ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාවෙන් ඉන්ධන කාන්දු වී ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කරයි
මෙම නෞකාව පෘතුගාල ධජය යටතේ වන “එම්.ඩී ඩෙවෝන්” බහාලුම් නෞකාවකි
තෙල් කාන්දු වීම පාලනය කිරීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය පියවර ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විටත් තෙල් කිලෝ 10 ක් මුහුදට විසිරී ඇති බව සදහන් වෙයි