Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවතට

COLOMBO (NEWS1ST) : එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.
ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කෙරනු ඇති.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කළේ, භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත එම ප්ලාස්ටික් සහ පොලිතීන්වලට අදාළ කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ඇති.

මීට පෙර තවත් පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග කිහිපයක් භාවිතයෙන් ඉවත් කෙරිණ.

තොරතුරු මූලාශ්‍රය

newsfirst.lk/sinhala/2021/06/09/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%ad/

Chandana Sesath Jayakody

Read Previous

රසායනික – කාබනික පොහොර අර්බුදයේ නොදුටු පැතිකඩ

Read Next

CEB committed to Solar Power

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!