Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තලිබාන් පාලනය ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ගේ නිදහස අහිමි කරන හැටි

කුමුදු ජයවර්ධන – mawbima.lk

ඇෆ්ඝනිස්ථානයේ රූපවාහිනී නිවේදිකාවන්ට සහ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වන කාන්තාවන් රූපවාහිනී තිරය මත පෙනී සිටින අවස්ථාවලදී හිස ආවරණය කළ යුතු බවට තලිබාන් සංවිධානය නීතියක් පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් නම් අනාවරණය නොකළ රූපවාහිනී නිවේදිකාවන් කිහිප දෙනෙකු ම පවසා ඇත්තේ, තලිබාන් පාලනය විසින් කාන්තාවන් නිවේදන කටයුතුවලින් ඉවත් කිරීමට උත්සහ දරන බව ය.

මේ වන විට තලිබාන් සංවිධානය විසින් කාන්තාවන්ට එරෙහිව නීති රැසක් පනවනු ලැබ තිබේ.

මීට සති දෙකකට පෙර නීතියක් පනවමින් තලිබාන් රජය නියෝග කළේ, සියලු කාන්තාවන් පොදු ස්ථානවලදී හිස් ආවරණ පැළඳිය යුතු බව ත්, එසේ නොකළහොත් දඬුවම් විඳීමට සිදුවන බවත් ය.

ඊට අමතරව, ද්විතීක පාසල් අධ්‍යාපනය දැරියන්ට තහනම් කර ඇති අතර ගමන් බිමන් යාමේදී අනිවාර්යයෙන් ම කාන්තාවන් පුරුෂයෙකු සමග යා යුතු බවට ද නීති පනවා තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

What is monkeypox and how do you catch it?

Read Next

කාබනික පොහොරින් රටම ඇනහිටිද්දී ගොවියා රවටන පොහොර මගඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!