Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

තබ්බෝවේ ගස් හොරෙන් ගැලෙව්වේ කොළඹ හිටවන්නලු!

dinamina.lk

තබ්බෝව අභයභූමියේ ඇළ මාර්ගයක පිහිටි වටිනා ස්වාභාවික ශාක නීතිවිරෝධී අයුරින් ගලවමින් සිටි සැකකරුවන් 7 දෙනකු කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව 12 කණුව හා ඒ අවට පදිංචිකරුවෝ පිරිසකි. රු. කෝටි 350ක මුදලක් වැය කරමින් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනක් බව පැවසෙන නාගරික තුරු ගොමු ස්ථාපනය මාර්ග, දෙපස රුක් රෝපණය හා ඇවිදින මංතීරු අවට සිටුවීමට මේ ශාක ගලවා ඇති බව වනජීවී නිලධාරීන් හමුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ලියකියවිලි ඉදිරිපත් කළ ද අදාළ ව්‍යාපෘතිය මඟින් මේ ශාක වනජීවී කලාප හෝ වන සංරක්ෂණ කලාපවලින් ගලවා එවන ලෙසට කිසිදු සඳහනක් කර නැති බව ද වනජීවී නිලධාරීන් කළ සොයා බැලීමකදී සනාථ වී ඇත. අදාළ ශාක ගැලවීමට පුත්තලම දිසා වන නිලධාරි විසින් ගල්විල අඩවි වන නිලධාරිවරයාට උපදෙස් දීමෙන් අනතුරුව අදාළ අඩවි නිලධාරිවරයා විසින් 12 කණුව ප්‍රදේශයේ අයකුට කොන්ත්‍රාත්තුව භාර දී ඇති බව ද අනාවරණය වී තිබේ. අදාළ ව්‍යාපෘතිය මඟින් එක් ශාකයක් සඳහා රුපියල් 4,000ක මුදලක් වෙන් කර ඇති නමුත් මේ පැළ ගලවමින් සිටි කම්කරුවකුට එක ශාකයක් ගලවා රූට් බෝල් ක්‍රමයට සකසා දීම සඳහා රුපියල් 500ක මුදලක් ගෙවීමට කටයුතු කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.‍

Source

Chandana Sesath Jayakody

Read Previous

කාබනික පොහොර හදන්න පූනෑවෙන් නවීන යන්ත්‍රයක්

Read Next

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!