
COLOMBO (News 1st): අම්පාර, දමන ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟකින් නිවාස 23 කට හානි සිදුව තිබේ .
දමන ප්‍රාදේශීය ලේකම් උදාර නානායක්කාර මහතා පැවසුවේ, ඊයේ(10) සවස හමාගිය එම තද සුළඟින් දේවාලහිඳ ප්‍රදේශයේ නිවාස 21 කට හා තිඹිරිගොල්ල ප්‍රදේශයේ නිවාස 02කට හානි සිදුව ඇති බවය.
දේවාලහිද ප්‍රදේශයේ නිවාස 06කට බරපතල හානි සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
දමන ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, ඔවුන් වෙනුවෙන් අද(11) දිනයේ සහන සැලසීමට නියමිත බවය.