Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඩෙල්ටා විකෘති තුනම කොළඹින් හමු වෙයි

dinamina.lk

ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ආවේණිකයි

ජාන විකෘති වූ ඩෙල්ටා වයිරස් ප්‍රභේද තුනම සහිත රෝගීන් ලොව පළමු වරට කොළඹ නරගයෙන් හමු වූ තිබේ. ඉන් එක් ජාන විකෘතිතාවක් ශ්‍රී ලංකාවට ආවේණික වූවක් බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දිනමිණට ඊයේ (20) පැවසීය.

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එක්වර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මේ විකෘති අවස්ථා තුනෙන් ඒ 7,015 විකෘතිය මෙතෙක් හමු වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමු වී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

මේ විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමු වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මේ විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු කීවේය. මේ ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ කරන බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල ගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු සාම්පල 88කින් 84කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමු වූ බවද හෙතෙම කීය.

විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයන් 117ක් සොයා ගැනුණු අතර, මේ වන විට ඩෙල්ටා අසාදිතයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උපාලි කරුණාරත්න

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Central Bank losing the battle on the ground

Read Next

කරිතුරෙයිපට්ටු රක්ෂිතයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණ වන විනාශයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!