
aruna.lk
ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.
අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය.