Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඩෙංගු ඩබල් වෙයි

divaina.lk

ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකින් වැඩි ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවක් මෙම පෙබරවාරි මාසයේ ගත වූ දින 27ක කාලය තුළදී දිවයිනෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

ඉකුත් වසරේ පෙබරවාරි මාසය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 2816 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම මස ගත වූ දින 27ක කාලය තුළදී දිවයිනෙන් වාර්තා වී තිබු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 4057 දෙනෙකු බව එම අංශය කියයි .මෙම තත්ත්වය මත ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීම වැළක්වීම සඳහා තම නිවස /ගෙවත්ත /තුළ හා අවට පරිසරය තුළ පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව වසංගත රෝග විශේෂඥයෝ පවසති .

මෙම වසරේ ගත වූ දෙමස තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 10,972 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉකුත් ජනවාරි මස තුළදී වාර්තා වී තිබු මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 6915 දෙනෙකි .ගත වූ දෙමස තුළදී දිවයිනෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1971 දෙනෙකි .මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයන් රෝගීන් 1786 දෙනෙකුද පුත්හලම් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1367 දෙනෙකුද වාර්තා වී තිබේ ,

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

තුර්කි භූ කම්පනයේ ගොඩනැඟිලි විනාශයට කොන්ත්‍රාත්කරුවෝ 184ක් අල්ලති

Read Next

මහ මුහුද ගිනි ගනී – (එතැන් සිට මාළු බෑමට සිදුවන්නේ ගොඩබිමේය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!