
වන අලි සහ වෙනත් අර්බුද හමුවේ පීඩා විඳිමින් සිටින ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා ඔවුන්ගේ ආර්ථික ගොඩනැංවීමට පරිසරය යුක්ති කේන්ද්‍රය කටයුතු කරමින් සිටී. උපයා නැවත ගෙවාලිය හැකි ණය වාරික ලෙස ලබාදෙන මෙම මූල්‍යාධාර සංචිත නිසි කළමනාකාරීත්වයකින් යුතුව සිදුවන්නේ දැයි පරිසර යුක්ති කේන්ද්‍රය පසුවිපරමින් පසුවේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රයේ ගිණුම් අංශයේ නිලධාරීන් විසින් කරුවලගස්වැව සහ ගලිගමුව ප්‍රදේශයන්හි ප්‍රජාවට ඔවුන්ගේ ව්‍යාපෘතීන් සාර්ථක ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන මූලික ගිණුම්කරන දැනුම ලබාදෙන අවස්ථාවකි.








