Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ජලයේ පාවෙන සූර්ය බල පද්ධතිය මුලින්ම දියවන්නාවට

උපාලි ද සේරම් – දිවයින

ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කරමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ආදර්ශන වැඩපිළිවෙළක් දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට අදාළ ගිවිසුමට ඊයේ (16 දා* ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස ඉන්දීය රජය ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් මෙම වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළකර ඇත.

ඊට අදාළ ගිවිසුමට ඊයේ (16 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරියේ අත්සන් කරනු ලැබීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ ‘සූර්ය බලශක්ති’ උත්පාදනය වැඩිකර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීම යටතේ මෙය ක‍්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගිනිමින් සූර්ය බලශක්තිය උත්පාදන පහසුකම් ලබා දෙයි.

අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප‍්‍රතිලාභ ලබාදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැයවන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙහිදී ජාතික විදුලි පද්ධතියට ඇතුළත්වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගනු ඇත.

ඉඩම් හිඟය මගහරවා ගනිමින් ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලිය උත්පාදනය ද මෙම වැඩසටහනට ඇතුළත්ය.

ඊයේ පැවැති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය ද ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

බ්ලූ ප්ලැනට් ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙක්ට

Read Next

LNP – Norway offers remote assistance to address sea pollution

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!