Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ජලභීතිකා මරණ වාර්තා වීමේ ‘ඉහළ අවදානමක්’ ඇති බවට අනතුරු ඇඟවීමක්

mawbima.lk

ඉදිරියේදී “විශාල වශයෙන්” ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, “අවාසනාවන්ත ලෙස මේ වන විට ජල භිතිකා රෝගයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති” බව ය.

ඒ හේතුවෙන්, හැකිතාක් දුරට සුනඛ සපා කෑම්වලින් ප්‍රවේසම් වන ලෙස ඔහු මහ ජනතාවට අනතුරු ඇඟවීය.

“ඉදිරියේදී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් තියෙනවා. මහ ජනතාවට අපි අනතුරු අඟවනවා සුනඛ සපා කෑම්වලින් හැකි තරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේ ම සැක සහිත සුනඛ සපා කෑමක් සිද්ධ වුණොත් ළඟ ම පිහිටි රෝහලට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරන්න.”

ඔහු පෙන්වා දුන්නේ, අඛණ්ඩ එන්නත් සැපයුමක් නොමැති බැවින් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක නොවන බව ය.

“විශේෂයෙන් ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේ ම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. කොවිඩ් -19 කාලයේ මාස 5 කට ආසන්න කාලයක් මේ වැඩසටහන අක්‍රීයව තිබුණා. එමෙන් ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේ ම එන්නත් හිඟය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා.”

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Shaken like a cradle’: Earthquake kills 640 in Turkey, Syria; hunt on for survivors

Read Next

BREAKING NEWS: තුර්කි භූ කම්පනයෙන් මිය ගණන 1,000 ඉක්මවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!