Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ජලජ ගුවන් ධාවන පථ හදන්න තැන් 150 සොයාගනී

aruna.lk

නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සැලැස්මක්
සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගෙන තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මක වන අතර බෙන්තොට ගඟ, කැළණි ගඟ, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

බේරේ වැව, ආරුගම්බේ, දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව යන ප්‍රදේශවල මීට පෙර ජලජ ගුවන් පථ ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා තිබෙන බව අමත්‍යවරයා සඳහන් කරයි.
ගුවන් සේවා අධිකාරිය අධ්‍යනයකින් පසු සොයා ගත් ස්ථානයන් 150 ඉදිරියේ දි එම ප්‍රදේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව මෙම ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මුල් පුවත කියවන්න

Chandana Sesath Jayakody

Read Previous

ෆුකුෂිමා අත්දැකීම සහ ලෝක බලවතුන්ගේ පරිසර සංරක්ෂණය

Read Next

අද පුවත්පතේ කාටුනය – අවන්ත ආටිගල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!