Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

චෙන්නායිහි සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

aruna.lk

ඉන්දියාවේ චෙන්නායි හි සත්ත්වෝද්‍යානයක සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව අද වාර්තා විය.

සතුන්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ පළමු සිදුවීම මෙයයි.

මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව ප්‍රමුඛ වෛරස ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.

එම ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අධික වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වී තිබෙන බවත් ඊට එරෙහිව විවිධ එන්නත්වල ඵලදායිතාව තීරණය කිරීම සඳහා සංවිධානයට වැඩි දත්ත අවශ්‍ය බවත් ඇය සඳහන් කර තිබුණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Sri Lanka aims for the cleanest tea in the world

Read Next

චීනයේ ගෑස් නලයේ පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!