Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

චීන පොහොර නැව පැත්ත පළාතකට ගන්න එපා… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරාය අධිකාරියටත් දන්වයි!

lankatruth.com

ශාක නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ප්‍රමිති ආයතනයේ පරීක්ෂණවලින් පසු මතබේදයකට තුඩු දී ඇති චීන කාබනික පොහොර අඩංගු නැව කිසිසේත්ම කොළඹ අතුළු වරාය තුළට කිසිසේත්ම ඇතුළු කර නොගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත භාණ්ඩ ගොඩබෑමට ඉඩක් නොතබන ලෙසත් දන්වා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා වරාය අධිකාරියට ලිපියක් යොමු කර තිබේ.

චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් සමාගම අදාළ පොහොර තොගය මෙරටට ගෙන එනු ලබන්නේ පොහොර සාම්පල පිළිබඳ රෙමට පරීක්ෂණ වාර්තා වැරදි බවට අභියෝග කරමින් සිය බලහත්කාරය යොදවමිණි.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට අනුකූලව සකස් කොට ඇති නීති අභියෝගයට ලක් කරමින් හිතුමතේ එවැනි කටයුතු කිරීමට චීනයට කිසිසේත් හැකියාවක් නැති බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානයේ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් චීනයෙන් යොමු කරන ලද ලිපියට තමා ඊයේ 22 පිළිතුරු යැවූ බවද ලංකාවෙන් අනුමැතියක් නොමැතිව එවන ලද නැව සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට තමන් කිසිසේත් සූදානම් නැති බවද එම ලිපිය මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.

මේ වනවිට චීනයේ අදාල සමාගම විසින් එවන ලද නැව කොළඹ වරායේ පිටත නතර කර ඇතැයිද වාර්තා වේ.

ගිවිසුම්ගත පරිදි සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ලංකාවේ පරිසර පද්ධතියට 100%ක් ගැලපෙන්නෙ නම් පමණක් කාබනික පොහොර මිලදී ගැනීමට සූදානම් බව පෙර සාකච්ඡාවලදී චීනයට දන්වා තිබූ බවද එම නීති රෙගුලාසිවලට පටහැනිව කටයුතු කර තිබෙන බැවින් එහි වගකීම කිසිසේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බාර ගත නොහැකි බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Enjoining order issued against Chinese Fertiliser Company Qingdao

Read Next

විල්පත්තු නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!