Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

චීනයේ ගෑස් නලයේ පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට

dinamina.lk

මධ්‍යම චීනයේ පසුගියදා සිදු වූ ගෑස් නලයක පිපිරීමකින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය ඉරිදා හුබෙයි ප්‍රාන්තයේ ෂියෑන් නුවර ගොඩනැගිල්ලක මේ ගෑස් නලයේ පිපිරීම සිදුවීමෙන් ඒ මොහොතේදීම පුද්ගලයන් 11 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබිණි. මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වන අතර, ජීවතුන් අතර සිටින පුද්ගලයන් සොයා ගැනීමට පුහුණු සුනඛයන් ද යොදා ගෙන තිබේ. පිපිරීම සිදු වූ ගොඩනැගිල්ල අසල විශාල වශයෙන් ජනතාව ගැවසෙන එළවළු වෙළෙඳපොලක් ද තිබූ බැවින් පිපිරීමෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 37 දෙනකුගේ තත්ත්වය බරපතළ බව එම ප්‍රාන්තයේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇති වූ සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දෙන බව චීන ජනාධිපති ෂි ජින් පින් ප්‍රකාශ කළ බව එරට රූපවාහිනි සේවය නිවේදනය කළේය. කර්මාන්තශාලා ආශ්‍රිතව මෙවැනි පිපිරුම් පසුගිය කාලය පුරා චීනයේ සිදු වූ අතර, 2015 වසරේදී ටියැන්ජින් ප්‍රාන්තයේ සිදු වූ පිපිරුම් මාලාවකින් ජීවිත 173ක් අහිමි වී තිබිණී. ඊට වසර දෙකකට පසු කිංඩාවෝ පළාතේ ඉන්ධන නලයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් 60 දෙනකුට ජීවිත අහිමි විය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

චෙන්නායිහි සිංහයින් සිව්දෙනෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

Read Next

ඇත්තටම අපි කන්නේ වස විසද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!