
චන්දන සේසත් ජයකොඩි – පරිසර යුක්තිති කේන්ද්‍ර්‍යය
විලයන ප්‍රතික්‍රියාකාරකයක අත්හදා බැලීම සඳහා සිදුකරන ලද නවතම පර්යේෂණය අත්හදා බැලීමකදී සෙල්සියස් අංශක මිලියන 120 ක ප්ලාස්මා උෂ්ණත්වයක් උපදවා එය තත්පර 101 කාලයක් දක්වා රඳවාගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් ඊයේ (2020.05.28) සමත්වී ඇති අතර එය ලෝක වාර්තාවක් ලෙසද හැඳින්වේ.
නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ අගනුවර වන හෙෆෙයි හි සිදු කරන ලද අත්හදා බැලීම භාරව සිටින Institute of Plasma Physics of the Chinese Academy of Sciences (ASIPP) ආයතනයේ පර්යේෂකයෙකු වන ගොං ෂියන්සු විසින් මෙම නව ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර ඇත.
හෙෆෙයි හි ASIPP හි පිහිටා ඇති EAST හි අවසාන ඉලක්කය වන්නේ මුහුදේ ඩියුටීරියම් භාවිතා කරමින් සූර්යයා වැනි න්‍යෂ්ටික විලයනයක් නිර්මාණය කිරීමයි. මුහුදු ජලය ලීටරයක ඩියුටීරියම් විලයන ප්‍රතික්‍රියා මගින් පෙට්‍රල් ලීටර් 300 කට සමාන ශක්තියක් නිපදවිය හැකි බවට ගණන් බලා ඇත.
මෙය චීනයේ භෞතික විද්‍යා හා ඉංජිනේරු ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණයක් බවත්, මෙතුලින් චීනයට තමන්ගේම න්‍යෂ්ටික විලයන බලශක්ති මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අඩිතාලම වැටෙන බවත් ASIPP හි අධ්‍යක්ෂ සොන්ග් යුන්ටාවෝ පවසයි.
2018 නොවැම්බරයේදී චීන විද්‍යායින් විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී ප්ලාස්මා තුළ සෙල්සියස් අංශක මිලියන 100 උෂ්ණත්වයක් ජනනය කළ අතර එය සූර්යයාගේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයට වඩා හත් ගුණයකි. පසුගිය වසරේදී සෙල්සියස් අංශක මිලියන 100 ක් වූ මෙම අධික ප්ලාස්මා උෂ්ණත්වය තත්පර 20ක් පුරා රඳවාගැනීමට එම විද්‍යාඥයන් සමත්විය.
ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වැනි පොසිල ඉන්ධන ලබාගැනීමේදී අදාල බලශක්ති ප්‍රභවය ක්ෂයවී යෑම හේතුවෙන්පරිසරයට හානියක් වෙතත්, මෙම “කෘතිම හිරු” සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පෘථිවියේ අසීමිතව පවතී. එබැවින්, මෙම විලයන ශක්තිය චීනයයේ බලශක්ති අවශ්‍යතාවන් සියල්ල තෘප්ත ළ හැකි පරිපූර්ණ වූ “අවසාන ශක්තිය” ලෙස සැලකේ.
කෙසේවෙතත් වර්තමාන භෞතික විද්‍යාවේ විශිෂ්ටතම සීමා මායිම්වලින් එකක් වන විලයන ශක්තිය ලබාගැනීම සඳහා ඉහළ විද්‍යාත්මක පර්යේෂණ හැකියාවක් මෙන් ම දැවැන්ත පර්යේෂණාත්මක උපකරණද අවශ්‍යවන බව වාර්තාවේ.
චන්දන සේසත් ජයකොඩි