
lankatruth.com
ලෝකයේ ඕස්ට්‍රේලියාවට පසුව දෙවන ලිතියම් නිධියේ හිමිකරුවා වනුයේ චීලි රාජ්‍යයයි. මෙම නිධියේ 45%ක් චිලී රජය සතුවන අතර ඉතිරි 55% ක් නතු කරගෙන ඇත්තේ චිලි පුද්ගලික සමාගමක් වන SQM හා ඇමරිකානු බහු ජාතික සමාගමක් වන Albemarle විසිනි.
මේ වන විට ලොව පුරා වසරකට ලිතියම් ටොන් 30,000ක අවශ්‍යතාවයක් පවතින අතර චිලී රජය සතු ලිතියම් නිධිය ඩැහැ ගැනීමට ජාත්‍යන්තර හා දේශීය නව පුද්ගලික සමාගමක් සමත් වී ඇත්තේ චිලියේ පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ GABRIEL Boric දිවුරුම් දීමටත් පෙරය.
විදුලි මෝටර් රථ, පරිගණක හා ජංගම දුරකථන සඳහා බැටරි නිපදවීම සඳහාත් ලිතියම් අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යක් වේ. එහෙත් මෙම මෙම ලිතුයම් නිෂ්පාදනය නිසා සිදුවී ඇති ජලය දුෂණය වීම, දිය ඇලි සිඳී යාම හා ජෛව විවිධත්වය විනාශ වීම වැනි කරුණු හේතුවෙන් චිලියේ ලිතියම් නිධි බහුලව පිහිටා ඇති salar d’Atacama ප්‍රදේශයේ මේ දක්වා පැවති ස්වභාව සෞන්දර්ය මෙම කලාපයේ වෙසෙන රතු ඉන්දීය ප්‍රජාවට සදහටම අහිමි කොට ඇත.
1973 සිට එරට පාලනය කල ඒකාධිපති පිනෝෂේ ගේ පාලනය විසින් පනවන ලද ඒකාධිපති ව්‍යවස්ථාව හා එමගින් රටේ සියළුම ජාතික සම්පත් කුණු කොල්ලෙට විකිණීමට අවශ්‍ය නීති පනත් සම්මත කර දීම හේතුවෙන් මේ වන විට එරට ජනතාවගෙන් 80%ක දරිද්‍රතාවයට අද වැටී ඇත. චිලීයේ ලිතියම් සම්පතෙන් ලාභ ලබා ගන්නා SQM සමාගමහි අයිතිකරුවා හිටපු ඒකාධිපති පිනෝෂේගේ පුත්‍රයා වීමෙන් මෙම සමාජ හා පරිසර ඛේදවාචකයේ ඍජු වගඋත්තරකරුවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. මේ දක්වා චිලියේ සියළුම මැතිවරණයන්හි දී දක්ෂිණාංශික හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට බලයට ඒමට මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් මෙම SQM හා ඇමරිකානු Albemarle සමාගම් වෙත චෝදනා එල්ල වී ඇත.
නමුත් 2019 දී චීලියේ තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව දස දහස් ගණනින් පාරට බැස විරෝධතා දියත් කරනු ලැබූ අතර රටේ සියළු සම්ප්‍රදායික පක්ෂ වලින් ඉල්ලා සිටියේ මෙම ඒකාධිපති ව්‍යවස්ථාව හා එමගින් පහසු කර ඇති නව ලිබරල් ආර්ථික ක්‍රමය වෙනස් කරන ලෙසයි. එම හඬට කන්දීමට දක්ෂිණාංශික sebastian pinera පාලනයට අකමැත්තෙන් හෝ සිදු විය. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් පත් කරනු ලැබූ අතර පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් GABRIEL Boric විසින් එය යලි සක්‍රිය කරනු ලැබිණි. එසේම මේ දක්වා විදේශ හා දේශීය සමාගම්වලට විකුණා දැමූ රටේ සම්පත් පිළිබඳව නැවත සමලෝචනය කිරීමට හෝ එම ගිවිසුම් අහෝසි කිරීමට මැතිවරණ පොරොන්දුවක්ද ලබා දුන්නේය.
කෙසේවෙතත් GABRIEL Boric දිවුරුම් දීමට නියමිතව ඇත්තේ මාර්තු 11 වැනිදාටය. ඊට පෙර වර්තමාන ජනාධිපති sebastian pinera තම ධූර කාලය අවසන් වීමට පෙර රජය සතු 45% ලිතියුම් සම්පතද හොර රහසේ චීන සමාගමක් වන BYD Chile SPA හට හා චිලි පුද්ගලික සමාගමක් වන Servicios y Operaciones Mineras del Norte S.A හට ඩොලර් මිලියන 121කට විකුණා දමා ඇත. මෙම ගණුදෙනුව මීට මාස දෙකකට කලින් හෙළිවීමත් සමග එරට පාර්ලිමේන්තුව හා පරිසර සංවිධාන ඒ සම්බන්ධයෙන් කොමිසමක් ඉල්ලා සිටි අතර GABRIEL Boric විසින් තම මැතිවරණ වේදිකාවේදී රජය සතු 45% කොටස තමන් බලයට පත්වූ පසු රාජ්‍ය සමාගමක් මගින් පාලනය කිරීමට පොරොන්දුවක්ද ලබාදෙන ලදී.
නමුත් sebastian pinera විසින් මෙම ඉල්ලීම් නොසලකා දින දෙකක් ඇතුලත අදාල චීන හා දේශීය සමාගම සමග මෙම ගණුදෙනුව සිදු කර ඇත. ධන කුවේරයෙකු වන pinera පසුගිය කාලයේ පැන්ඩෝරා පත්‍ර මගින්ද චෝදනාවන්ට ලක් වූ දුෂිත පුද්ගලයෙකි. ඒ අනුව මෙම ගිවිසුම අතයට ගිවිසුමක් ලෙස නිර්වචනය කරනු ලබන නව ජනාධිපති GABRIEL Boric මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට අදාළ පාර්ශ්වයන් සමග යලි සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි.
කිසිදු විනිවිද භාවයක් නොමැතිව රටේ වැදගත් ආර්ථික සම්පතක් මෙසේ කඩිමුඩියේ විකුණා දැමීමට එරෙහිව චිලි අගනුවර වන සන්තියාගෝ හිදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ දැවැන්ත පෙළපාලියක් ඊයේ සංවිධානය කර තිබිණි.