
උපුටාගැනීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙබ් අඩවියෙනි
විවිධ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග අත්වැල් බැඳගනිමින් ගෝලීය ජෛව පරිසර පාලනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියා සිටී. ලෝක පරිසර අධිකරණ සමුළුවට සුභ පැතුම් පණිවුඩයක් යොමු කරමින් හෙතෙම ඊයේ (26) මේ බව සඳහන් කළේය.
ලෝක පරිසර අධිකරණ සමුළුව නිරිතදිග චීනයේ යූන් නැන් පළාතේ කුන් මිං නගරයේදී ඊයේ (26)ආරම්භ විය. එහි තේමාව වනුයේ ‘ අධිකරණ කාර්යභාරයන් ඉටු කරමින් ජෛව ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීම:ජීවය සහිත පොදු ප්‍රජාව පොදුවේ ගොඩ නැගීම ’ යන්නයි. එම සමුළුව චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ඒකාබද්ධ සංවිධානය කරන ලද්දකි.
චීන ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දුන්නේ පෘථිවිය මානවයාගේ පොදු නිජ බිම බවයි.
ලෝකයේ විවිධ රටවල් එකමුතුවෙන් ක්‍රියා කරමින් මානවයා හා ස්වභාව ධර්මය අතර සුසංගත ව ආශ්‍රය කිරීමේ සුන්දර නිජ බිම පොදුවේ ගොඩ නැගිය යුතු ය. නිර්මාණශීලී, පරිසර හිතකාමී, විවෘත, පොදුවේ බෙදා ගැනීමේ නව සංවර්ධන සංකල්පයේ එල්බ සිටින චීනය, පූර්ණ වශයෙන් ජෛව පරිසර සංරක්ෂණය තහවුරු කරයි. චීනය පරිසර අධිකරණ ප්‍රතිසංස්කරණ නිර්මාණශීලීත්වය අඛණ්ඩ ව වැඩිදියුණු කරමින්, ප්‍රායෝගික අත්දැකීම් ලබා ගෙන ඇත. ලෝකයේ විවිධ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග අත්වැල් බැඳගෙන සහයෝගිතාවයෙන් ගෝලීය ජෛව පරිසර පාලනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.
තොරතුරු මූලාශ්‍රය
ගෝලීය ජෛව පරිසර පාලනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපති කියයි.