
news24.lk
ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 40 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්.
එම ප්‍රමාණය 7 කෝටි 8,556,193 ක්.
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හාර කෝටි 24 ලක්ෂයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කළේ ඔමික්‍රොන් ප්‍රභේදය – මේ වන විට ප්‍රමුඛතම කොවිඩ් වෛරසය ලෙස ව්‍යාප්ත වන බවයි.
බ්‍රසීලය සහ ප්‍රංශයේද සමස්ත කොවිඩ් ආසාදිතයන් කෝටි 2 ඉක්මවා තිබෙනවා.
ගෙවුණු දිනයේදී ලොව පුරා ආසාදිතයන් 2,126,000 දහසක් වාර්තා වී තිබෙනවා.
ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,781,769 ක් ලෙසයි සටහන් වන්නේ.
ඇමරිකාවේ කොවිඩ් මරණ 932,000 දහසකට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති අතර බ්‍රසීලයේ කොවිඩ් මරණ ගණන 634,000 දහසකට ආසන්නයි.
ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය අනුව ශ්‍රී ලංකාව 70 වන ස්ථානයේ පසුවනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 621,985 ක්.
කොවිඩ් මරණ 15,656 ක් ද මෙරටින් වාර්තා වුණා.