Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනි ගත් නැවේ තෙල් නෑ

පහන් විජේසේකර – dinamina.lk

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල තිබූ ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිත වාර්තාවන්හි සඳහන් වන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය ඊයේ (15) පැවසුවාය.

නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ මෙරටට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තාවේ නිරීක්ෂණවල එය සඳහන් කර ඇති බව ද ඒ මහත්මිය කීවාය.

ඇය මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු‍වේදී ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

කෙසේ වෙතත් මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් තිබූ බවත් සඳහන් කළ ඇය ‍නෞකාව ආසන්නයේ ජල සාම්පල ගෙන ඉන්ධන මුසු වී ඇත්දැයි යන්න දිනපතාම පරීක්ෂා කරන බව ද පෙන්වා දුන්නාය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Global Warming

Read Next

The MV ‘X-Press Pearl’ Fiasco

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!