Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනි ගත් නැවේ තෙල් උරන්න මිනිරන් මෙට්ටයක්

අසේල කුරුළුවංශ – dinamina.lk

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් කාන්දුවී මුුහුදු ජලයට එකතු වන තෙල් සියල්ල එකතු කර ගැනීම සඳහා මෙරට මහචාර්යවරුන් තිදෙනකු විසින් බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක්යොදා සකස් කළ නිර්මාණයක් උපයෝගි කර ගැනීමට සැළසුම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර හා නිදීශ ගුණවර්ධන යන අය දිගු කලක් තිස්සේ සිදු කළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබේ. ඒ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත.

මිනිරන් ග්රෑම් එකකට තෙල් ග්රෑම් 120ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගන්නා බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මූලික අධ්‍යයන ආයතනය,බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දු වී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍ය මෙට්ට විශේෂය සකස් කරන බවත් රට පත්ව තිබෙන අසීරුතාව සැලකිල්ලට ගෙන තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් මහචාර්ය රාජපක්ෂ මහතා පැවසුවේය.

මින්රන්වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගතහැකි බවද ඒ මහතා කීය.

මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරද්දී නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද අධ්‍යන්‍යය කරමින් සිටින්නේ යැයි මහචාර්යවරයා පැවසුවේය.

නැවෙන් තෙල් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බවත් මෙම තෙල් ඉවත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන් අති විශාල පරිසර හානියක් සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම නැවේ විශාල වශයෙන් ඊයම් තිබී ඇති බවත් ඒවා ඉවත් කරගැනීම අතිශ්‍යය වැදගත් කාරණයක් බවත් කී රාජපක්ෂ මහතා ඊයම් ටොන් එකක් ටොන් භාගයක් දක්වා ක්ෂය වීමට වසර 700ක් ගතවන බවත් එය යළි අඩක් වීමට තවත් වසර 700ක් ගතවන බවත් ප්‍රකාශ කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

වන්දි ගන්න වන්දි ගෙවන කැස්බෑවෝ – ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය අදයි.

Read Next

Prof. Mohan Munasinghe to receive premier global award

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!