
COLOMBO (News 1st) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍ර පරිසරයට සිදු වූ හානි විශ්ලේෂණය සඳහා මෙරටට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම අද(20) එම නෞකාව වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, තම කණ්ඩායමක් ද එම විශේෂඥයින් සමග නැව ගිනිගත් ස්ථානයට අද පෙරවරුවේ ගිය බවයි.
එම විශේෂඥ කණ්ඩායම නැව ගිනි ගැනීම හේතුවෙන් ඒ ආශ්‍රිත සාගර පරිසර පද්ධතියට මෙන්ම සාගර ජීවීන්ට සිදු වූ බලපෑම පිළිබඳ පුළුල් ලෙස පරීක්ෂා කිරීමට නියමිත ය.
ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු හා ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු මෙම විශේෂඥ පිරිසට ඇතුළත් වේ.
ඒ අතර එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකු ද වේ.
මෙම විශේෂඥයින් පිරිස නෞකාව ගින ගැනීමෙන් සිදු වූ පරිසර හානි අධ්‍යනය සඳහා වන මෙරට විශේෂඥ කණ්ඩායම්වලට සිය පූර්ණ සහය ලබාදෙන බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ ය.