Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනිගැනිමට ලක් වු නෞකාවේ ගමන්පථ දත්ත ගබඩා කර තිබු උපාංගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

දර්ශන සංජීව බාල්සූරිය – www.dailymirror.lk

එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ වොයේජ් ඩේටා රෙකෝඩරය (වීඩීආර්) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර එහි කපිතාන්, මව් සමාගම සහ දේශීය නැව් ඒජන්තවරයා අතර ඇති සියලුම සන්නිවේදන සංවාද ඇතුළත් බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙළඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික විශේෂඥයන් විසින් “නැව් කළු පෙට්ටිය” ලෙස පොදුවේ හඳුන්වන VDR උපාංගය සොයා ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ පරිසර දූෂණය සම්බන්ධයෙන් වගකීම පැවරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම සන්නිවේදනයන් විමර්ෂණයකර බැලීම අත්‍යවශ්‍ය බවයි.

VDR වෙතින් ලබාගන්නා දත්ත සහ සියලු සන්නිවේදනයන් රහස් පොලිසිය විසින් විශ්ලේෂණය කරනු ඇතැයි ඔහු පැවසීය.

මේ අතර, කොළඹ වරාය අසලදී මුහුදුබත්වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශයන් මේ වන විට රහස් පොලිසිය විසින් සටහන්කරගෙන ඇති බව තතුදත් ආරංචි මාර්ග වාර්තාකරයි.

Chandana Sesath Jayakody

Read Previous

CID analyses Voyage Data Recorder of MV X-Press Pearl

Read Next

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදන ඇරඹීමට පියවර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!