
newsfirst.lk
COLOMBO (NEWS1ST) : කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගත් X – Press Pearl නෞකාවෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවක් සිදු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් Sky News පවසන්නේ, මීටර් 100කට වැඩි දුර ප්‍රමාණයකට රීදි පැහැති තෙල් තට්ටුව පැතිරී පවතින බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරත් පවසන්නේ, නෞකාව තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය යම් හෙයකින් කාන්දු වුවහොත් එය නාවික ඉතිහාසයේ බරපතළම පාරිසරික හානිය විය හැකි බවටයි.
මේ අතර නාරා ආයතනය පවසන්නේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලුණු ස්ථානයට ඊසාන දෙසින් තෙල් කාන්දුවක් දක්නට ඇති බවයි.
එම ආයතනය පැවසුවේ, මෙය මෙම නෞකාවට ඉන්ධන ලෙස යොදා ගත් බර තෙල් ද නැතහොත් ගිනිගැනීමෙන් පසු මතු වූ පැල්ලමක් දැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.
මේ අතර නිව්ස්ෆස්ට් මේ පිළිබඳව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහරලීමෙ හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාරය නාලක ගොඩ හේවා මහතාගෙන් විමසීමක් සිදු කළේ ය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගිනිගත් X – Press Pearl නෞකාව වටා නැව් 5ක් නතර කර ඇති බවත් , එවැනි තෙල් කාන්දුවක් සිදු නොවන බව එම නැව් 5 න් ම තහවුරු කළ බව ත් ය.
මේ අතර වරාය අධිකාරියේ හාබර් මාස්ටර් සමග තමා ඊයේ (9) බෝට්ටුවක් ආධාරයෙන් ගිනිගත් නෞකාව ආසන්නයට ගිය බවත් එහිදී මතුපිට තැවරී ඇති ඩීසල් වැනි පොඩි තත්ත්වයක් මිස එවැනි ඉන්ධන කාන්දුවක් සිදු වන බවක් නිරීක්ෂණය නොවූ බනත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
තොරතුරු මුලාශ්‍රය
newsfirst.lk/sinhala/2021/06/10/%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-x-press-pearl-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f/