Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනිගත් නෞකාවේ තවදුරටත් පවතින බහලුම් ඉවත් කිරීමට පියවර

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

ගිනිගත් නෞකාවේ ඇති ප්ලාස්ටික් සාගර පරිසරයට එක්වීම නෞකාවෙන් සිදුවු විශාලතම හානිය බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. හැකි ඉක්මනින් කළ යුතු කාර්යය විය යුත්තේ ඉක්මනින්ම එම ප්ලාස්ටික් සම්පුර්ණයෙන් සාගරයෙන් ඉවත් කිරීමයි. දැනටමත් වගකිව යුතු ආයතන සමග ඒ සදහා වැඩපිළිවෙලක් දියත් කර ඇත. මේ වනවිට කන්ටේනර් 42 ක ටොන් ගණනක ප්ලාස්ටික් කැට එකතුකර ඇත. මෙම අපද්‍රව්‍ය නීතිමය කටයුතු සදහා සාක්ෂි ලෙස භාවිතා කෙරේ.

ගොඩබිමට පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම සාර්ථක නමුත් ප්ලාස්ටික් අඩංගු තවත් බහලුම් රැසක් එම නෞකාවේ තවදුරටත් පවති. මේ අවස්ථාවේ සක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැති වුවත් නුදුරේදීම මෙම බහලුම් ඉවතට ගැනීම සිදු කෙරෙන බව ජාසිංහ මහතා කීවේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Sri Lanka included in research project on chemical fertilizer use

Read Next

X-Press Pearl chemicals likely to get diluted off Sri Lanka seas: official

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!