
newsslbc.lk
ගිනිගත් නෞකාවෙන් පරිසරයට සිදුවු හානිය තක්සේරු කිරීමේ මුලික කටයුතුවලට අදාල සාකච්ඡා අද ආරම්භ කරන බව ඇමති අලි සබ්රි මහතා පවසයි. සමුද්‍රිය ආරක්ෂණ අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා සම්බන්ධ කර ගැනේ. නෞකාවෙන් සිදුවී ඇති හානිය විශාලය. ඒ පිළිබඳව සම්පුර්ණයෙන්ම සොයා බලා පුර්ණ වන්දි වාර්තාවක් පිළියෙළ කිරීම අපේක්ෂාවයි. මෙම සාකච්ඡාවට ධිවර අමාත්‍යංශය වරාය අධිකාරිය නාරා ආයතනය පරිසර අමාත්‍යංශය මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන ද එක්කර ගැනේ. නෞකාවෙන් සිදුවී ඇති ආර්ථික හානිය සදහා දැනටමත් එම නැව අයත් සමාගමෙන් වන්දි මුදලක් ඉල්ලා ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි. මෙය සෘජුව හානිය වෙනුවෙන් ගතහැකි මුදලකි. විද්වත් කමිටුවක් තවත් මේ පිළිබඳව සොයා බලයි. ඉන්පසු දෙවන ඉල්ලීම සිදු කෙරේ. අපද්‍රව්‍ය වැඩිපුරම එකතුවී ඇත්තේ සරක්කුව ප්‍රදේශයටය. එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය අඩංගු එක් කන්ටේනර්යක බර දල වශයෙන් මෙට්‍රික් ටොන් 20 ක් පමණ වෙයි. එවැනි අපද්‍රව්‍ය කන්ටේනර් 40 ක් පමණ දැන් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාල නෞකා කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ 20 ක් සටහන් කරගෙන ඇත. නැවේ දත්ත පටිගත කිරීම් යන්ත්‍රය දැන් සොයා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් පුඵල් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. නැව ගිනි ගැනීමට ප්‍රථමයෙන් පටිගතවු දත්ත පිළිබඳව අවධානය යොමු වෙයි.
එම දත්ත පිළිබඳ තොරතුරු ඉදිරි දින කිහිපයේදී දැන ගැනීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. ඉන්පසු වෙනත් අන්තරාකාරී ද්‍රව්‍ය තිබේද නැව ඉවත් කරන්නේද එම ස්ථානයේදීම නැව කපා ඉවත් කරන්නේද පිළිබඳව අවධානය යොමු කෙරේ.
Share Button
News Source
ගිනිගත් නෞකාවෙන් සිදුවු හානිය තක්සේරු කිරීමේ මුලික කටයුතු අද ඇරඹෙයි