Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනිගත් නැව කැස්බෑවන් 30ක් ඩොල්ෆීන් 7ක් බිලි ගනී

ප‍්‍රභාත් විතාන, ජගත් කණහැරආරච්චි, අනුර බාලසූරිය – divaina.com

එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ බලපෑම හේතුවෙන් මේ දක්වා මියගොස් ඇතැයි සැලකෙන කැස්බෑ මරණ සංඛ්‍යාව 30 ක් ඉක්මවන බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මේ දක්වා ඩොල්ෆින් මසුන් 07 දෙනකු අවම වශයෙන් මිය ගොස් ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කළේය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයකු සඳහන් කළේ මිය ගිය කැස්බෑවන් අතර ශ‍්‍රී ලංකා වෙරළ තීරයට පැමිණෙන කැස්බෑවුන් වර්ග පහේම (5) සිරුරු වාර්තා වී ඇති බවයි.

මේ අතර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ ගතවූ සති දෙකක කාලය තුළ මියගිය කැස්බෑවන් අතර බටු කැස්බෑවන් 07 ක්, පොතු කැස්බෑවන් 04 ක් සහ ගල් කැස්බෑවන් 04 ක් සිටින බවයි.

මෙසේ සැක සහිත ලෙස මිය ගිය මුහුදු ජීවීන් අතර ඩොල්ෆින් මත්ස්‍යයන් 05 ක්, පරා, ගල් මාළු, මුහුදු ආඳන් හා වෙරළ ආසන්න පක්ෂීන් වර්ග රැසක්ද සිටින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය කියා සිටින අතර ඊයේ (14) වන විට මිය

ගිය ඩොල්ෆින් මසුන්ගේ අවම සංඛ්‍යාව 07 ක් බව හා කැස්බෑ මරණ සංඛ්‍යාව 40 කට ආසන්න බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

මිය ගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් ගෝල් ෆේස්, වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කළුතර, කොස්ගොඩ, ඉඳුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල සහ තුඩුවාව යන වෙරළ තීරයන්වලට ගොඩගසා ඇති අතර, මන්නාරම වෙරළ තීරයටත් එක් කැස්බෑ සිරුරක් ගොඩ ගසා ඇත.

වයඹ මුහුදු තීරයේ මන්නාරම (වන්කාලේ ජාත්‍යන්තර රම්සාර් අභයභූමියේ) සිට ගිනිකොණ දිග මුහුදු තීරයේ රැුකව කැස්බෑ අභයභූමිය දක්වා නැවෙන් සිදු වූ හානියේ සුන්බුන් හා ජෛව විනාශයේ ප‍්‍රතිඵල වාර්තාවන බව නයනක රන්වැල්ල මහතා පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය මුහුදු ජීවීන් තම දෙපාර්තමේන්තුවට අමතරව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය (නාරා* වෙතද ලැබෙන බැවින් නිවැරදි දත්ත තවමත් හරි හැටි කිව නොහැකි බවයි.

මේ අතර මිය ගිය ජීවීන් කුමන හේතුවක් මත මිය ගියේද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත සිරුරු කොටස් යැවීමට කටයුතු යොදා ඇතැයි වන ජීවී ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

https://divaina.com/daily/index.php/pradeshiya-puwath/59970-2021-06-13-16-25-76

Chandana Sesath Jayakody

Read Previous

Ship fire: Anyone affected can claim compensation separately

Read Next

China nuclear plant is fixing a ‘performance issue’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!