Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනිගත් නැවෙන් තනි තනිව වන්දි ඉල්ලන්න ඉඩ

යොහාන් භාසුර – lankadeepa.lk

ගිනිගැනීමෙන් විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් හානියක් වූ පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද තනි තනිවම වන්දි ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥා අලී සබ්රි මහතා පවසයි.

නෞකාවේ සිද්ධියෙන් ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුන්ට හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එම හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බවත් අලී සබ්රි මහතා කියයි.

ඒ සම්බන්ධයෙන් පුවත්පතවල සහ අනිකුත් මාධ්‍යවල දැන්වීම් පළකරලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ක්‍රියාත්මක වන බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වරාය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ක්‍රියාත්මක වන බවයි.

තොරතුරු මූලාශ්‍රය

https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%89%E0%B6%A9—%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/101-592517

Chandana Sesath Jayakody

Read Previous

Wildlife to take legal action against unprecedented destruction of marine life?

Read Next

Ship fire: Anyone affected can claim compensation separately

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!