Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගලේවෙල අක්කර 70ක කාබනික ගොවිපොළ මරණ මංචකයේ

dinamina.lk

1984 වසරේ සිට මහා පරිමාණ වගාකරුවෙකු ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවා හඳුනාගෙන සිටින විදෙස් රටවල පවා ආදරයට පත් ගලේවෙල පට්ටිවෙල පදිංචි එස් .ඒ. රත්නපාල ගොවි මහතාගේ අක්කර හැත්තෑවක පමණ ගොවිපොළ වැසීයෑමේ අවදානමකට මුහුණ පා ඇත.මෙහි සේවකයෝ 70ක් පමණ සිටිති.ඒ මහතා මෙසේ කීය.මට දැන් එපා වෙලා තියෙන්නෙ.මම සම්පූර්ණයෙන්ම මේ වගාවෙන් ඉවත් වෙනවා.අවුරුදු විසිපහක්, තිහක් මගේ ළඟ වැඩ කරපු සේවකයෝ හැට හැත්තෑවකට යන එන මං නැති වෙනවා.රටේ ආහාර අර්බුදයට විසඳුම් දෙන්න මම එදා ඉදලම මේ කාබනික ගොවිපොළ පවත්වාගෙන ආවා.අද භූමිතෙල් ලීටරයක් ගන්න තැනක් නැති නිසා මට මේ ගොවිපළ සම්පූර්ණයෙන් වසා දමන්න සිද්ධ වෙලා.අඩුම තරමේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වත් දිනකට අවශ්‍ය භූමිතෙල් ලීටර 300 අත්පිට මුදලට ලබා දුන්නොත් අක්කර 70ක සරුසාර බිම රට වෙනුවෙන් පවත්වාගෙන යනවා. නැතිනම් ගොවිතැනට සමු දෙනවා.මොහු දේශීය ලොකු ලූනු ,අමු ඉඟුරු, කහ ,තක්කාලි ,වම්බටු ,අල වර්ග, ගෝවා ,අමුමිරිස් මිරිස් ,මාළු මිරිස්, ගස්ලබු, කටු අනෝදා ,බිට් ,නෝකෝල් ,රාබු , ආදී විවිධාකාරයේ බෝග වගා කරන ගොවියෙකි.මොහුගේ ගොවිපොළේ දිනකට ජල පොම්ප30ක් කියාත්මක වන අතර ඒ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට භූමි තෙල් ලීටර් පහළොවක් පමණ අවශ්‍ය බවත් ඒ අනුව අවම වශයෙන් දිනකට තමන්ට භූමිතෙල් ලීටර් 300ක් අවැසි බවත් රතනපාල මහතා කියයි.

එහෙත් ගලේවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලින් එක් අයකුට භූමිතෙල් ලිටර් 5 ත් 10ත් අතර ප්‍රමාණයක් ලබා දීම නිසා ඒ ප්‍රමාණය තමන්ගේ එක වතුර මැෂින් එකකට හෝ ප්‍රමාණවත් නොවන බවද හෙතෙම සඳහන් කරයි.

රත්නපාල මහතා මේ වනවිට දේශීය ලොකු ලූනු බීජ කිලෝ 25ත් 30ත් අතර ප්‍රමාණයක් තවාන් දමා තිබේ.අක්කර 25ක පමණ භූමියක් ලොකු ලුණු වගාව සඳහා මේ වනවිටත් සූදානම් කරමින් සිටීම විශේෂත්වයකි.වසර දහයකට අධික කාලයක් සිට මෙම වාණිජ ගොවිපල කාබනික පොහොර සඳහා හුරු කරගත් බිම්කි.රතනපාල මහතා තම වගාවට යොදන්නේ කුකුළු පොහොර, එළු පොහොර,සහ ගොම පොහොර වීම විශේෂත්වයකි.රසායනික පොහොර සියයට 30ක ප්‍රමාණයක් තම වගාවවලට යොදා වගා කරන බවද ඒ මහතා පැවසීය.මෙම වගා භූමියට යන ඕනෑම අයෙකුට එහි සාර්ථකත්වය දැක ගැනීමට හැකි විය.තමන් මෙම වගාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවී සිටියේ වසර 30ක පමණ කාලයක සිට තමන් යටතේ යැපුණු අසරණ සේවකයන් නිසා බව මෙහු පවසයි.කෙසේ වෙතත් තවදුරටත් එම තත්ත්වයෙන් සිටීමට නොහැකි නිසා තම වගාව දිනකට අවශ්‍ය භූමිතෙල් ලීටර් 300ක ප්‍රමාණය වැඩි මුදලකට හෝ ලබා දෙන්නේ නම් රටේ ආහාර අර්බුදයට තමන්ද උරදෙන බවත් එසේ නොවන්නේ නම් වගාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වන බවත් හෙතෙම කීය.

මේ පිළිබඳ වර්තමාන කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන දැනුම් දුන් අතර එම අවස්ථාවේම ඇමැතිවරයා මේ ගොවි මහතා සමගද කතා කොට සිය නිලධාරියෙකු යොදවා ගොවියා පිළිබඳ තොරතුරු සටහන් තබා ගැනීම සිදුවීම තවත් සුවිශේෂී කරුණකි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය ආධාරයක් – කෘෂි ඇමති කියයි

Read Next

Counselling session with marginalised communities

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!