Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කෝවිඩ් මරණ ගැන ලංකාවේ වෛද්‍යවරු ලෝකෙම කතාවෙන අනාවරණයක් කරයි

කොවිඩ් මළසිරුරු 100ක් කපනකොට එළියට ආව දේ

aruna.lk

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 30%ක් පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

කොවිඩ් දේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මේ බව තහවුරු වී ඇති අතර මේ වනවිට කොවිඩ් දේහ 100ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති බව වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කළේය.

ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය 2020 වසරේ මැයි 5 වනදා සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව මුල් අවස්ථාවේදීම කොවිඩ් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරපු රටක් වේ.

“මෙම පශ්චාත් මරණ පරීක්ෂණවලින් 30%ක් පමණ මියගිහින් තියෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා.ඊටත් වඩා අඩු ප්‍රතිශතයක් ලේ කැටි ගැසීම නිස ඒවා පෙනහළුවල සිරවී මිය යන්නට පුළුවන්.මේක අනාවරණය කර ගන්නකම් ලෝකයේ වෛද්‍ය සඟරාවල අනාවරණය කර තිබුණේ නෑ.අපි මේකේ දැක්ක දේ තමයි කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පෙනහළුවල ගර්ත බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවක් ලෙස ඇති වෙන නියුමෝනයිටීස් කියන තත්වය.ඒ කියන්නේ පෙනහළු ගර්තවල සෛල වර්ග දෙක විනාශයට පත් වෙනවා.මේ විනාශයට පත්වීම කරන කොට ගර්ත බිත්ති විනාශ වී මෙම සෛල ගර්ත ඇතුලට කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස Hyaline Membrane Formation කියන තත්වයක් ඇතිවෙනවා.මෙම තත්වය තමයි මෙම කොවිඩ් වෛරසයේ පෙනහළු ආසාදනයේ මුල් අධියරේ ඇතිවෙන තත්වය.ඉන්පසු කොවිඩ් නියුමෝනියා කියන තත්වයට මේක හැරෙන්න පුළුවන්”

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මව්බිම කාටුනය – එම් ඩී වීරරත්න

Read Next

CA (PHC) APN 01 / 2015 -වට්ටමඩු රක්ෂිතය සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!