
ජනක විතානගේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ විල්පත්තු ජාතික වන උද්‍යානයට මායිම්ව ,විල්පත්තු ප්‍රේරිත කලාපය තුල කෝමාරිකා වගාවකට යැයි පවසමින් පෞද්ගලික ආයතනයක් මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරමින් සිටින බවට පරිසර යුක්ති කේන්ද්‍රය අනාවරණය කලේ 2019 අවසන් බාගයේය මෙම වියාපෘතියේ අගක් මුලක් නැත . එය යටතේ පැල තවාන් ,පර්යේශනාගාර, නගර සංවර්ධන පර්යේශන පාසැල් ,ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ආදී එකිනෙකට වෙනස් ව්‍යාපෘතීන් රාශියක් සැකසී ඇත.
වනජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් අනිවාර්යයෙන් අවශ්‍ය බව ප්‍රකාශ කර එම වියාපෘතියේ ඉදිකිරීම් තාවකාලික නැවැත්වීමට කටයුතු කලද උතුරුමැද පලාත් පරිසර අධ්කාරිය මගින් EIA වාර්තාවක් අවශ්‍ය නොවන බව පවසා යලිත් මෙම ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමට අවසර ලබාදී ඇත.
ඒ හේතුවෙන් අද වනවිට මුලු යාය 18 ප්‍රදේශයේ ම ඉඩම් උඩු යටිකුරු කරමින් හායනයට ලක්කර ඇත. මෙම ව්‍යාපෘතිය කිසිදු විනිවිද බාවයකින් තොරව සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය . මේසා විශාල ව්‍යාපෘතියක් කිසිදු රාජ්‍ය ආයතනයක අධික්ශනයක් නොමැතිව සිදුවන්නේ කෙසේද?
මෙවැනි වාතාවරණයක් තුල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් කෝමාරිකා වගා කිරීමේ ව්‍යපෘතිය පිළිබඳව යෝජනාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කර ඇත ඒ අනුව ඉඩම් අක්කර 102,000.කෝමාරිකා වගාව වෙනුවෙන් සමාගමට මුදාහැරීමට කටයුතු කරමින් සිටී. නමුත් මේ විශාල ඉඩම් ප්‍රමාණය හරහා විනාශ වන්නේ අපේ වනාන්තර පද්ධතියයි . සමාගම විසින් පෙර පවසන ලද්දේ කෝමාරිකා වගාකරන්නේ තෝරාගත් ගොවීන්ගේ ඉඩම් ආශ්‍රිතව බවයි.
කෙසේ නමුත් මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් සමාගම් අතට පත්වීමෙන් සිදුවන්නේ අපට ඇති වනාන්තර විනාශවනවා පමණක් නොව අනාග පරපුරට ඇති ඉඩම් අයිතියට ද වැට බැදීමකි . අපට ඇති භූමිය සීමාසහිතය එහෙයින් එම භූමිය සමාගම් යටතට පත්මෙන් සිදුවන්නේ අනාගත පරපුරට එම සමාගම් වල වහල් සේවයේ යෙදීමටය. ඒ සදහා අප අවට ලෝකයේ ඇතිතරම් උදාහරණ තිබේ.