Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කෝටි දහදාහක් වන්දි ගත්තත් සාගරයට වූ හානිය පියවන්න බෑ – පරිසර ඇමති

www.lankanewsweb.net

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාව අවට සාගර පරිසර පද්ධතියට සිදු වූ හානිය තක්සේරු කළ නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. නෞකාව හේතුවෙන් සිදුවන බලපෑම දිගුකාලීන බවත්, විශේෂයෙන් නෞකාවේ ගබඩා කර ඇති තෙල් සාගර ජලයට මුසු වුවහොත් පරිසර හානිය තවත් බරපතල වන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

තෙල් කාන්දුව වළක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද අමරවීර මහතා පවසයි. නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 10,000 ක වන්දියක් ලබා ගත්තද පරිසර හානිය පියවීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉදිරියේදි මෙවැනි අනතුරු සඳහා මුහුණ දීමට අවශ්‍ය පහසුකම් හා උපකරණ ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බවත්, ‍ඒ අනුව ඉදිරියේදී සිදුවන මෙවැනි ඕනෑම අනතුරක් සඳහා මුහුණදීමට සූදානමින් සිටින බවත් පරිසර ඇමතිවරයා පවසයි.

UN

තොරතුරු මූලාශ්‍රය

https://www.lankanewsweb.net/sinhala/127-general-news/85749-කෝටි-දහදාහක්-වන්දි-ගත්තත්-සාගරයට-වූ-හානිය-පියවන්න-බෑ—පරිසර-ඇමති

Chandana Sesath Jayakody

Read Previous

Landslide and flood warning issued for several areas

Read Next

එක්ස්ප්‍රස් පර්ල් අනතුර ගැන මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන කියන්නේ බොරු – පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් CID ට පැමිණිල්ලක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!